පාසල් ආරම්භය හා ඉතිහාසය
විසිවන සියවස මුල් භාගය වන විට ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ වල බොහෝ දුරට මිෂනාරි පාසල් ව්‍යාප්ත වෙමින් පැවතිනි. එකලම ශ්‍රීලංකාවට පැමිණි හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා විසින් බෞද්ධ අධ්‍යාපනය දියුණු කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළේය. එයින් දිරිමත් වූ විවිධ සමිති සමාගම් හා පුද්ගලයෝද බෞද්ධ පාසල් පිහිටු වීමේ නිරත වුහ.ප්‍රකට දානපතියකු වූ වැලිගම කෝරළයේ විදාන ආරච්චි තනතුර දැරූ හල්ලල සියදෝරිස් ද සිල්වා වික්‍රමසිංහ ගුණතිලක මැතිතුමා තමාගේ පෞද්ගලික ධනය වියදම් කොට හල්ලල දෙනිපිටියේ හා වල්පල යන ගම් වල පාඨශාලා තුනක ඉදිකළේය.
හල්ලල ඇති එකම පාඨශාලාව දැනට හල්ලල කන්ද නමින් හදුන්වන එතුමාට අයත් ඉඩමේ දහතුන් රියන් ගෙයක ආරම්භ කර ඇත. පසුව එම ස්ථානයේම අඩි 60 ක් පමණ දික් වූ ගොඩනැගිල්ලක් සාදා පාසල එහි පවත්වා ගෙන ගොස් ඇත.මේ වන විට හල්ලල කොක්මාදුව ගම් ප්‍රදේශය ආශ්‍රිතව පුණ්‍ය සාධක සමිතිය නම් වූ සමිතියක් පිහිටුවා තිබුණි. එහි ලේකම්වරයා වූයේ කොක්මදුව ඒ. නානායක්කාර මහතාය. එම සමිතිය මගින් සම්මත කරගන්නා ලද යෝජනාවක් අනුව හල්ලල පාඨශාලාවක් අලුතින් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළේය.ඒ සදහා ඉඩමක් අවශ්‍ය වූ බැවින් සමිතිය එවකට මාතර සිටි සුදු ඒජන්ත මහතාගේ කරන ලද ඉල්ලීමකට අනුව දෙලබොක්ක හේන නමැති රජයේ ඉඩමෙන් අක්කර 2ක් පාඨශාලාව ඉදිකිරීම සදහා සමිතියට පවරා දෙන ලදී.ගොඩනැගිල්ල සදහා අවශ්‍ය දැව ලබා ගැනීමට හල්ලල බතලහේන නැමැති ඉඩමෙන් ගස් කපා ගැනීමටද සුදු ඒජන්ත මහතා අවසර ලබා දී ඇත.
මෙම කටයුත්ත සදහා උනන්දු වූ අය අතර කොක්මාදුව ඒ. නානායක්කාර මහතා හා එච්. නානායක්කාර මහතා යන සහෝදරයන් දෙදෙනාද බජ්ජම ගෙදර ඩී.ජේ. සෙනෙවිරත්න ඔපිසර මහතාද හල්ලල වඩු ගෙදර එච්. පී. හින්නිහාමි වඩු මහතා හා එච්. පී. ගිරිගොරිස් වඩු දොන් දියෝනිස් ධර්මතිලක සෙනෙවිරත්න විදාන මහතා යන අයද වැදගත් වේ.පාසල ගොඩනැගීමේ කටයුත්ත භාරව සිටි ඩී. පී. ජයවර්ධන මහතා නැමැත්තෙක් මේ අවස්ථාවේ හදිසියේම ඝාතනයට ලක්‌ව ඇත. මේ හේතුවෙන් පාසල ගොඩනැගීමේ සියළු කටයුතුද නතර විය. මේ අර්බුදය පිළිබදව ස්වදේශ මිත්‍රයා පතයේ කතුවැකියක්ද ඵල විය.
මෙසේ පාසල ගොඩ නැගීමේ කටයුතු අඩපණ වී පැවති අවස්ථාවේ වැලිගම ඉලංගකෝන් මුදලිතුමාගේ නිවස අසල සිටි ගුණවර්ධන තොටමුනේ රාළහාමි නමැත්තෙක් පුණ්‍ය සාධන සමිතියේ ලේකම් ඒ. නානායක්කාර මහතාට කරුණු දක්වමින් සහාය වීමට ඊ. වයි. ඩී. අබේගුණවර්ධන නීතිඥ මහතාද කැමැත්ත ඵල කොට ඇත.නැවත ඉඩමට යාමට ඇති මාර්ගය අවහිර කරන ලදුව පෞද්ගලික ඉඩම්වලින් පාරට අවශ්‍ය ප්‍රමාණය වෙන් කර දෙන ලදි. මේ සදහා අවශ්‍ය ඉඩම් තුත්තිරි ගෙදර හා වඩු ගෙදර පදිංචිව සිටි අය වන්දි නොලබාම පවරා දී ඇත.විවිධ බාධක මැඩ ගෙන ගම්වාසීන්ගේ සහය ඇතිව වර්තමාන විද්‍යාලීය ක්‍රීඩා පිටිය පවතින භුමියේ තාවකාලික පාසල් ගොඩනැගිල්ල ඉදිකර ඇත. මෙම ගොඩනැගිල්ල කටුමැටි ගසා පොල් අතු සෙවිලි කරන ලද එකක් විය.ගම්මුන් එක්ව ගොඩනැගිල්ලක් තනා රජයට භාරදුන් පසු ඒ ගැන සොයා බලා පාසලක් ආරම්භ කිරීම එවකට පැවති බ්‍රිතාන්‍ය ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියා මාර්ගයයි.
ඒ අනුව උපකරණ හා ගුරුවරු ආන්ඩුව මගින් මගින් ලබා දී 1930 සැත්තම්බර් මස 4 වන දින ප්‍රදේශයේ මුදලි මන්ත්‍රීවරයාණෝ පැමිණි පාඨශාලාව විවෘත කොට ළමයින් භාර ගැනීම සිදු කර ඇත.මෙම පාඨශාලාවට පත්ව ආ මුල් ගුරුතුමා වුයේ කේ. සී. සමරවික්‍රම නැමැති මහතෙකි. එතුමාගේ භාර්යාව වූ කේ. ල්. පී. විලිසදා මහත්මිය මුල්ම ගුරුවරිය විය.පාඨශාලාවට ඇතුලත් වූ මුල්ම වයේ පාසල ආරම්භ කිරීමට මූලිකව කටයුතු කළ සෙනෙවිරත්න ඔපිසර මහතාගේ දියණිය වූ ජී. ප්‍රේමති ශිෂ්‍යයාවයි.